Friday, March 29, 2024

General line - 0115112241

අගමැති සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර හමුවක්




අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා. ඒ, බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදීයි. 

එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැවසුවේ. 

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සිය පක්ෂයේ සහය ලබා දෙන බවයි.  

එම අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනටද මාධ්‍යවේදීන් ප්‍රශ්න කිහිපයක් යොමු කළා.