Tuesday, April 23, 2024

General line - 0115112241

ලංවීම ප්‍රතිව්‍යුහගත කිරීමට නිර්දේශ යෝජනා කිරීමට 08 දෙනෙකුගෙන් යුත් කමිටුවක්




ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා නිර්දේශ යෝජනා කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ආර් එච් එස් සමරතුංග සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම් එම් සී ෆර්ඩිනැන්ඩෝ ඇතු`එ නිලධාරීන් 08 දෙනෙකු එම කමිටුවට අයත් බවයි අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා මසක් ඇතුලත නිර්දේශ යෝජනා කිරීම එම කමිටුවට පැවරෙනවා. 

මේ අතර ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, බෙදාහැරීම සහ අලෙවි කිරීම සඳහා සුදුසු සමාගම් ඇගයීමට කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින්. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් ඇති නිලධාරීන් එම කමිටුවට පත් කළ බවයි. 

මෙම ඇගයිම් ක්‍රියාවලිය හරහා ඉදිරියේදී සිපෙට්කෝ සහ ලංකා අයි ඕ සී සමග මෙරට ඛනිජ තෙල් කර්මාන්තයේ නියැලීමට සමාගම් කිහිපයකට අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර නව පරිශීලකයින්ට ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමය සඳහා ලියාපදිංචිවීම පැය 48ක කාලයක් සිදුකළ නොහැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ ප්‍රකාශ කළා. 

ඒ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිය පද්ධතියේ සැලසුම් කර ඇති නඩත්තු කටයුතු හේතුවෙන්. කෙසේ වෙතත් දැනට ලියාපදිංචි පරිශීලකයින්ට QR පද්ධතිය භාවිතා කිරීමේදී කිසිදු බලපෑමක් මේ හේතුවෙන් සිදු නොවන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඉන්ධන ලබාගැනීම සදහා පිරවුම්හල් ආශ්‍රිතව අද දිනයේද දිගු පෝලිම් දක්නට නොලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. අගෝස්තු පළමුවනදා සිට ගතවූ කාලය තුළ පුද්ගලයන් පනස් හතර ලක්ෂ 60,217 දෙනෙකු QR පද්ධතිය සමඟ ලියාපදිංචි වී තිබෙනවා. 

ඔවුන් වෙනුවෙන් පිරවුම්හල් 1,224කදී නිකුත් කළ ඇති ඉන්ධන ප්‍රමාණය ලීටර් දෙකෝටි දාසය ලක්ෂ 94,050ක්.