Friday, March 29, 2024

General line - 0115112241

චීන - තායිවාන අර්බුදය මැද ජපානයේ ලොකු පුටු මාරුවන ලකුණු




චීන - තායිවාන අර්බුදය මැද ජපානය කැබිනට් සංශෝධනයකට සූදානම් වනවා. විදෙස් වාර්තා පැවසුවේ ජපන් අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා ඒ පිළිබඳ ඉගි පල කර ඇති බවයි.

ඒ අනුව වර්තමානයේ ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන නෝබෝ කිෂී එම ධූරයෙන් ඉවත්වනු ඇති බවයි වාර්තා වන්නේ. ඔහු වෙනුවට ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති.

චීන - තායිවාන අර්බුදය මධ්‍යයේ ජපානය මෙලෙස එරට රජයේ ප්‍රදාන තනතුරු දරන පුද්ගලයින් වෙනස් කිරීම ජාත්‍යන්තරයේ දැඩි අවදානයට යොමු වී තිබෙනවා. කෙසේවෙතත් ජපානය පවසන්නේ නෝබෝ කිෂීගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහු ආරක්ෂක අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බවයි.