Wednesday, August 17, 2022

General line - 0115112241

තේ සහ බත් පැකට්ටුවේ මිල සඳුදා සිට පහළට

401Views



 

 

 

තේ කෝප්පයේ සහ බත් පැකට්ටුවේ මිල ලබන සඳුදා සිට අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් අද පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් සදහන් කළේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු වීම හේතුවෙන් මෙලෙස තේ කෝප්පයේ සහ බත් පැකට්ටුවේ මිල අඩු කරන බවයි. බත් පැකට්ටුවේ මිල සියයට 10ත් සියයට 20ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වනු ඇති බවද ඔහු සදහන් කළා. 

කෙසේ වෙතත් පෑලියගොඩ මැනිං පොදු වෙළඳ සංගමයේ නියෝජ්‍ය සභාපති ප්‍රභාත් සුසන්ත පැවසුවේ පෙර දිනයන්ට සාපේක්ෂව එළවලු ලැබීම අඩු වීම හේතුවෙන් මිල ගණන් ඉහල ගොස් ඇති බවයි. 

පෑලියගොඩ මත්ස්‍ය මධ්‍යම මත්ස්‍ය වෙළඳ පොල මාළු මිල ගණන්ද පවතින්නේ ඉතා ඉහල මට්ටමක බවයි එහි ව්‍යාපාරිකයින් පවසන්නේ.

මේ අතර බිත්තර සහ කුකුල් මස් මිල ගණන්ද ඉහල ගොස් තිබෙනවා. බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 55ත් 57ත් අතර මිලකටයි. මේ ඊට බලපා ඇති හේතු පිළිබඳ කරුණු දැක්වූ ලෝක කුකු`එ විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති වෛද්‍ය උෂාන් පල්ලේගම.