Thursday, April 25, 2024

General line - 0115112241

ජපන් අගමැතිගෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්ගෙන් ජනපතිට සුබ පැතුම්




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සුබපැතුම් එක්කර තිබෙනවා. වත්මන් අභියෝග ජයගැනීමට හිතකර පරිසරයක් හා ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බව විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මහලේකම්වරයා පෙන්වා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. 

මහජනතාව සමඟ අදහස් විමසීම මෙන්ම නීතියේ ආදිපත්‍ය සහ මූලික මානව හිමිකම් මූලධර්මවලට ගරු කිරීම ඇතුඑ සියලුම පාර්ශවකරුවන් අතර සංවාදය දිරිමත් කිරීමේ වැදගත්කමද එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පෙන්වා දී තිබෙනවා. 

කාන්තාවගේ දේශපාලන සහභාගීත්වය සඳහා ශ්‍රී ලංකාව දරන උත්සහාය පිලිගැනීමට හා ප්‍රගතිය වේගවත් කිරීමට ජනාධිපතිවරයාගේ නායකත්වය දිරිමත් කිරීමට සහයෝගය පල කරන බවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා එම සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දක්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. 

මේ අතර ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය සුබපැතුම් එක් කර තිබෙනවා. ජනාධිපතිතුමා වෙත විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කර ඇත්තේ ජපාන ජනතාවගේත් රජයේත් සුභාශිංසන පිරිනමන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ දියුණුව වෙනුවෙන් දීර්ඝ කාලයක් කැපවී සිටින රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම සතුටට පත්වන බවයි.  

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන සාකච්ඡා සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යනු ඇතැයි ද තමන් අපේක්ෂා කරන බව ජපාන අග්‍රාමාත්‍යවරයා සිය සුභ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දක්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.