Friday, April 26, 2024

General line - 0115112241

අපරාධ වැළැක්වීමට ආරක්ෂක අංශ සඳහා බලතල ලබාදී තිබෙනවා - අගමැති කියයි

නිහාල්සිරි ගම්ලත්




වෙඩිතැබීම් හා අපරාධ වැලැක්වීම සඳහා ආරක්ෂක අංශ බලතල ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොස්ගම බොරළුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළා. 

කෙසේ වෙතත් ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් වයස අවුරුදු 20ක තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඔහු උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවටයි අනාවරණ වී ඇත්තේ. 

එම තරුණයා කොන්ඩා කපන ස්ථානයක් අසල රැදී සිටියදී එළෙස වෙඩි තබා තිබුණා. වෙඩි තැබූ පුද්ගලයන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිස් ස්ථානය පරීක්ෂණ සිදු කරනවා.