Thursday, March 28, 2024

General line - 0115112241

“බ්ලූස්” සහ “ග්‍රීන්ස්” ඊයේ තරගවලෙන් ජය ලබයි




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත කණ්ඩායම් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟවලින් ජය ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් “බ්ලූස්” කණ්ඩායම සහ ශ්‍රී ලංකා “ග්‍රීන්ස්” යන කණ්ඩායම් සමත් වුණා. පළමු තරඟයෙන් ග්‍රීන්ස් කණ්ඩායම ලකුණු 08 කින් ජය ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් “රෙඩ්ස්’‘ කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ග්‍රීන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඬුලු 06 කට ලකුණු 161 ක් රැස් කළා. නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 76 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෙඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී රැස් කරගත හැකි වූයේ ලකුණු 153 ක් පමණයි. භානුක රාජපක්ෂ එහිදී ලකුණු 34 ක් රැස් කළා.

ඊයේ පැවති දෙවන තරඟයෙන් කඬුලු 04 ක ජයක් වාර්තා කිරීමට බ්ලූස් කණ්ඩායම සමත් වුණා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ‘ග්‍රේස්” කණ්ඩායම පරාජයට පත් කරමින්. 

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ග්‍රේස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී රැස් කළේ කඬුලු 09 කට ලකුණු 115 ක් පමණයි. පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 13 කට කඬුලු 03 ක් බිඳ හෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බ්ලූස් කණ්ඩායම කඬුලු 06 ක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. පන්දුවට පහරදීමේදී චරිත් අසලංක ලකුණු 29 ක් රැස් කළා.