Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රීඩකයින්ට ලෝක තරඟ බිමෙන් ඉහළ මිලක්




දකුණු අප්‍රිකාවේදී පළමු වරට පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 09 දෙනෙකු තෝරාගෙන තිබෙනවා. ඒ, තරඟාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු අතරටයි. 

දුෂ්මන්ත චමීර, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, සීක්කුගේ ප්‍රසන්න, ධනංජය ලක්ෂාන් ඒ අතරට අයත්. ඒ අතරින් වැඩිම මිලක් වන අමෙරිකානු ඩොලර් ලක්ෂ 02 ක මිලක් නියම වී ඇත්තේ දුෂ්මන්ත චමීරටයි. චාමික කරුණාත්නට ඩොලර් එක් ලක්ෂ 50,000 ක මිලක් නියමවී තිබෙනවා.

මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණට ඩොලර් ලක්ෂයක මිලක්ද, අකිල ධනංජයට ඩොලර් 75,000 ක මිලක්ද, නිරෝෂන් දික්වැල්ල, සීක්කුගේ ප්‍රසන්න හා නුවන් ප්‍රදීප්ට අමෙරිකානු ඩොලර් 50,000 ක මිලක් ද නියමවී ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ. ධනංජය ලක්ෂාන් සහ විශ්ව ප්‍රනාන්දුට නියමවී ඇති මිල අමෙරිකානු ඩොලර් 30,000 ක්.

කෙසේවෙතත් දකුණු අප්‍රිකානු පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන සමයේ ලොව පුරා තවත් ලීග් තරඟාවලි කිහිපයක් පැවැත්වීම හේතුවෙන් ලොව ප්‍රධාන පෙළේ 20 යි විස්ස ක්‍රීඩකයින්ගේ නම් මෙම ක්‍රීඩක ලැයිස්තුවට ඇතුලත්වී නැහැ. 

ඒ අතරට බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් සහ ඔස්ටේ්‍රලියාවේ බිග්බෑෂ් යන තරඟාවලිද ඇතුලත්. මීට අමතරව වනිදු හසරංගට ඉහළ මිලක් නියමවී ඇති එක්සත් අරාබි රාජ්‍යයේ 20 යි 20 තරගාවලි පැවැත්වෙන්නේද මෙම කාල වකවානුවේදීයි.