Thursday, April 25, 2024

General line - 0115112241

දසුන් ශානකත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ T20 තරගාවලියට




ලබන වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ILT ප්‍රධාන පෙළේ පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා නායක දසුන් ශානක ද එක්කරගෙන තිබෙනවා. ඒ අනුව මෙම තරඟාවලියට තෝරා ගැණුනු 09 වන ශ්‍රී ලාංකික ක්‍රිඩකයා ඔහුයි. 

මීට පෙර වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ භානුක රාජපක්ෂ සමඟ මෙම තරඟාවලිය සඳහා ගිවිසුම්ගතවී තිබුණා. ඊට එක්වන සෙසු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වන්නේ ළහිරු කුමාර, සීක්කුගේ ප්‍රසන්න, චරිත් අසලංක, ඉසුරු උදාන සහ නිරෝෂන් දික්වැල්ලයි.

ලබන වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වෙන මෙම තරඟාවලියට කණ්ඩායම් 06 ක් එක්වනවා. එම සියලු කණ්ඩායම්වල හිමිකාරිත්වය දරන්නේ IPL තරඟාවලියේ කණ්ඩායම්වල හිමිකරුවන් වීම ද විශේෂත්වයක්.