Friday, March 29, 2024

General line - 0115112241

ජනාධිපති මන්දිරයේ තිබී පොලිසිය වෙත භාර දුන් මුදල් ගැන අධිකරණයේදී හෙළිවූ කරුණු




අරගලකරුවන් විසින් පසුගියදා ජනාධිපති මන්දිරයේදී සොයාගෙන කොටුව පොලිසිය වෙත භාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. 

ඒ, එම පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේයි. 

සිද්ධියට අදාළව අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව දුරකථන ඇමතුම් විස්තර වාර්තා ලබාගෙන විමර්ශන සිදුකළ බවයි පොලිස් විශේෂ විමර්ශනය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ එහිදී අධිකරණයට දන්වා සිටියේ. 

එම දුරකථන ඇමතුම් පරීක්ෂාවේ දී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි ඔහු අධිකරණයට දන්වා සිටියා. 

කෙසේ වෙතත් මීට අදාළව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලීසියට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. එම ප්‍රකාශය තුළින් තමා කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් කතා කළ බව පිළිගෙන ඇති බවයි පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේ.

එහෙත් එම දුරකථන ඇමතුම මගින් අදාළ මුදල් සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව තමන් කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දීමක් සිදු නොකළ බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ප්‍රකාශය තුළින් සඳහන් කර ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකය එහිදී දැනුම් දුන්නා.