Thursday, April 18, 2024

General line - 0115112241

මෙවර A/L විභාගයේදී සියයට 80 නොසලකා හැරේ




ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ සියයට 80 පැමිණීම නොසලකා හැරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. 

ඒ, ඉකුත් සමයේ රටේ පැවැති කොරෝනා වසංගතය, ප්‍රවාහන අපහසුතා සහ ඉන්ධන අර්බුදය හේතුවෙන්. 

ඒ අනුව 2020 ජූලි මස උසස් පෙළ පන්තිවලට ඇතුළත්ව මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ සියයට 80 පැමිණීම නොලසකා හරින ලෙසටයි විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත්තේ. 

මේ අතර 2019 - 2020 උසස් පෙළ ප්‍රතිපල මත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය අගෝස්තු 19 වනදා දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංහය පැවසුවා.