Friday, April 19, 2024

General line - 0115112241

බිත්තරයක් 70 ට - කුකුළු මස් 1500 ට ඉහළ යන ලකුණු




බිත්තරයක මිල රුපියල් 70 ක් දක්වා ඉහළ යා හැකි බව සමස්ථ ලංකා බිත්තර සහ කුකුළු මස් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ කුකුළු මස් කිලෝවක මිල ද රුපියල් 1500 සීමාව ඉක්මවා යා හැකි බවයි. 

සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර් එම් සරත් රත්නායක පැවසුවේ කුකුළන් සඳහා ලබාදෙන ආහාරවල දැඩි හිගයක් පවතින බවයි. 

නෙත් නිවුස් වෙළඳපල තුළ සිදුකළ සංචාරයේදී දැකගත හැකි වුයේ අද වනවිට ද බිත්තරයක මිල රුපියල් 55 ත් 60 ත් අතර මිලක පවතින ආකාරයයි. කුකුළු මස් කිලෝවක මිල ද රුපියල් 1300 සීමාව ඉක්මවා ඇති ආකාරය ද එහිදී දැකගත හැකි වුණා.