Thursday, April 25, 2024

General line - 0115112241

අරගලයට ඉදිකළ සියලු කූඩාරම් ගාලුමුවදොරෙන් ඉවතට




ගාලු මුවදොර පිටියේ පැවැති අරගලයට සම්බන්ධ විරෝධතාකරුවන් රැඳී සිටි සියලු අට්ටාල සහ කූඩාරම් අද ඉවත් කෙරුණා. ඊයේ දිනය වනවිට ගාලු මුවදොර අරගල භූමියේ සිටි විශාල පිරිසක් සිය අට්ටාල සහ කූඩාරම් ඉවත් කර ගනිමින් එම ස්ථානයෙන් ඉවත්ව ගියා. එහෙත් ඊයේ රාත්‍රියේ මෙන්ම අද උදෑසනත් ගාලු මුවදොර පිටියේ කූඩාරම් සහ අට්ටාල කිහිපයක් දැකගත හැකි වුණා. ඒ අනුව පොලීසිය අද පස්වරුවේ එම ස්ථානයට පැමිණ එහි සිටි පිරිස් වෙත දැනුම් දුන්නේ වහාම ඉන් ඉවත් වන ලෙසයි. 

එම අවස්ථාවේදී ගාලු මුවදොර පිටියේ රැඳී සිටි පිරිස් සහ පොලීස් නිලධාරීන් අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්. 

ඒ අනුව එහි රැඳී සිටි සුළු පිරිස ද සියලු අට්ටාල සහ කූඩාරම් අද පස්වරුවේ ඉවත් කර ගැනුණා. ඉන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ සේවකයින් පැමිණ අරගල භූමියේ ඉතිරිව තිබූ සියලු තාවකාලික ඉදිකිරීම් ඉවත් කළ අතර තාවකාලික අට්ටාල ඉදිකිරීමට යොදා ගත් කාඩ්බෝඩ් ඇතුළු ද්‍රව්‍යවලට ගාලු මුවදොර පිටියේදීම ගිනි තබන අයුරු දැකගත හැකි වුණා. 

ලෝකයේම අවධානය දිනා ගත් ගාලුමුවදොර අරගලය අවසන් වුණේ දින 126 කට පසුවයි. එය ආරම්භ වූයේ ඉකුත් අප්‍රේල් මස 09 වනදායි.