Thursday, April 25, 2024

General line - 0115112241

සංවර්ධන ව්‍යාපෘතිවලට දුන් වන අලි ගැවසෙන ප්‍රදේශ සොයා වැඩපිළිවෙලක්




නෙත් නිවුස් සහ නෙත් එෆ් එම් බැලුම්ගල අවස්ථා ගනනාවකදී අනාවරණ කළ වන අලි ගැවසෙන භූමි සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. 

වන අලින් සැරිසරන ප්‍රදේශවලට අයත් ඇතැම් ඉඩම් විවිධ පුද්ගලයින් බලහත්කාරයෙන් අත්කර ගෙන ඇති බවයි නෙත් නිවුස් සහ නෙත් එෆ් එම් බැලුම්ගල එම ප්‍රදේශ පිලිබඳ කරුණු ගැන හැර දක්වමින් අවස්ථා ගණනාවකදී අනාවරණ කළේ. 

එහි ප්‍රතිඵලයක් ලෙස මේවනවිට සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දී ඇති වනඅලින් ගැවසෙන වාසස්ථානවලට අයත්ව තිබූ ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, දීර්ඝ කාලයක් පුරා සිදුවන අලි මිනිස් ගැටුමට විසඳුමක් සෙවීමේ නව වැඩපිළිවෙළට අනුවයි. 

එහි පළමු අදියර හෙට හම්බන්තොටින් ආරම්භ කිරිමටයි නියමිතව ඇත්තේ. වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාදීමේදී මින් ඉදිරියට දැඩි සැලකිල්ලක් දක්වන බවයි. 

දීර්ඝ කාලයක් පුරා පවතින අලි මිනිස් ගැටුම විසඳීමට මෙතෙක් නොහැකි වී ඇත්තේ ඇයි? නෙත් නිවුස් ඒ පිළිබඳ සොයා බැලීමක් කළා. මේ, ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න. 

ඔහු සඳහන් කළේ වන අලින් සංරක්ෂණය කිරීම සහ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විධිමත් වැඩපිළිවෙළක් රටට අවශ්‍ය බවයි. 

2011 සිදුකළ අවසන් සමීක්ෂණයේදී වන අලින් 6000 කට වැඩි සංඛ්‍යාවත් සිටි අතර සෑම වසරකම වන අලින් 400 ක් පමණ අහිමි වනවා.