Friday, March 29, 2024

General line - 0115112241

ආර්ථිකයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සබඳතා පුළුල් කිරීමට මහ බැංකුවෙන් 17 දෙනෙකෙුගෙන් යුත් කමිටුවක්




මෙරට ආර්ථිකයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සිය සබඳතා පු`එල් කිරීම සඳහා ප්‍රවීණයන් 17 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මහ බැංකුව විසින් පත් කර තිබෙනවා. ඒ, මෙතෙක් ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපත්ති, උපදේශන කමිටුව සහ මුල්‍ය පද්ධති ස්ථායිතා උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරමින්. 

එම කමිටුවේ සභාපතිවරයා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න පත් කළ බවයි මහ බැංකුව සදහන් කළේ. 

පෞද්ගලික අංශයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එම කමිටුවේ සෙසු සාමාජිකයන් වනවා. ආර්ථිකයේ මුල්‍ය සහ මුල්‍ය අංශවල සමස්ථ ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින් ආර්ථික තත්ත්වය සහ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳ පුද්ගලික අංශයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේත් අදහස් හා අපේක්ෂා ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්ය භාරය වනවා. 

එමෙන්ම මහ බැංකුව ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග පිළිබඳ ආර්ථිකයේ පාර්ශවකරුවන්ගේ දැක්ම අනුව අදහස් දැක්වීම එම කමිටුවෙන් අපේක්ෂා කරන බවයි මහබැංකුව සදහන් කළේ. එමඟින් වඩාත් උපදේශනාත්මක ආකාරයකින් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ හැකියාව ලබනු ඇති බවටයි මහබැංකු අපේක්ෂා කරන්නේ.