Thursday, April 25, 2024

General line - 0115112241

සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන තීරණයක් ගන්න ස්වාධීන පක්ෂ 10 සැරසෙයි




රට ගොඩ නැගීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වැලැක්වීමට ඇතැමුන් උත්සහ කරන බව ස්වාධීන පක්ෂ 10යේ එකමුතුව පවසනවා. එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අපේක්ෂා කළද වෙනත් පාර්ශව එම වැඩ පිළිවෙල කඩාකප්පල් කරන බවයි. 

ඉකුත්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී සර්ව පාක්ෂික වැඩ පිළිවෙලේ සැලැස්ම සිය පාර්ශව වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටියද එයද මෙතෙක් තමන් වෙත ලබාදී නොමැති බව මන්ත්‍රීවරයා සඳහන් කළා.  

සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සිය කණ්ඩායම අද දිනයේ තීරණයක් ගන්නා බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ පුද්ගලික වාසි හෝ පටු දේශපාලන අරමුණු නොතකා සියලු පාර්ශව සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සඳහා සහය ලබාදිය යුතු බවයි. 

මේ අතර තමන් සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය ලබා දුන්නද කිසිදු තනතුරක් භාර නොගන්නා බව සමඟි ජන බලවේගය පවසනවා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර.