Tuesday, April 23, 2024

General line - 0115112241

දඹදිව සංචාර ඇරඹීමෙන් මෙරටට සිදුවන වාසියක් ගැන අනාවරණයක්




මෙරට සැදැහැවතුන්ට දඹදිව වන්දනා සඳහා යොමුවීමට අවස්ථාව හිමිවීම හරහා මෙරට ඩොලර් අර්බුදයට ද යම් විසදුමක් ලැබෙනු ඇතැයි විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමය පවසනවා. එහි මහ ලේකම් ආචාර්ය මහේන්ද්‍ර හල්ඔලුව නෙත් නිවුස් වෙත පැවසුවේ දඹදිව වන්දනා සදහා මෙරට සැදැහැවතුන් යොමුවීම හරහා ඉන්දියානු ජාතිකයන්ද ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට පෙළෙඹෙනු ඇති බවයි 

ඩොලර් අර්බුදය හමුවේ දඹදිව සංචාරයේ යෙදීමට අපේක්ෂාවෙන් සිටින සැදැහැවතුන්ට මතු විය හැකි ගැටළුවලට අදාළ විසදුම් සිය සංගමය යෝජනා කර ඇති බවත් ඒ පිළිබද විෂයභාර අමාත්‍යවරයා සමග ඉදිරියේදී සාකච්ඡා කරන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

තවත් මාස දෙකකින් පසුව සැදැහැවතුන් දඹදිව වන්දනා කිරීමට රැගෙන යාමට සිය සාමාජික සංවිධාන 20 ක් පමණ මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවද විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමයේ මහ ලේකම් ආචාර්ය මහේන්ද්‍ර හල්ඔලුව වැඩිදුරටත් සදහන් කළා.

මෙරට සැදැහැවතුන්ට දඹදිව වන්දනා කිරීම සදහා යලි අවස්ථාව උදා වුණේ වසර 03කට පසුවයි. ඒ අනුව, හතලිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට දඹදිව වන්දනා සඳහා යලි එක්විය හැකි බවයි විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමය පැවසුවේ. 
කොන්දේසි කිහිපයක් මත පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙම සංචාර සංවිධාන කෙරෙනවා. 

දඹදිව වන්දනාවේ නිරත වීමට අපේක්ෂිත සැදැහැවතුන් තමන්ට අදාළ සියලුම ලිපි ලේඛණ, කොරෝනා මර්දන එන්නත් පත්‍රිකාවේ පිටපත ද සමඟ දඹදිව සංචාරය අවසර ලබා ගැනීම වෙනුවෙන් කල්වේලා ඇතිව ඉදිරිපත් කළ යුතු වනවා.