Tuesday, April 23, 2024

General line - 0115112241

වසර 25 කින් ඉන්දියාවත් වෙනස් වෙයි




තවත් වසර 25 කින් එනම් 2047 වනවිට ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. ඒ, අදට යෙදී ඇති ඉන්දීය 75 වන ජාතික නිදහස් දින සැමරුමට එක්වෙමින්. 

ඉන්දීය නිදහස් දින සැමරුම අද පැවැත්වුණේ එරට ඓතිහාසික රතු චතුරශ්‍රයේ සිටයි. ඒ වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්ද යොදා තිබුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දස දහසකට අධික ආරක්‍ෂක නිලධාරීන් ඊට එක්ව සිටි බවයි.

ඉන්දියාව සංවර්ධිත රටක් කරා ගෙන යන ගමනේදි ජනතාවගේ සහායද අත්‍යවශ්‍ය බව ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවා. සෑම ඉන්දියානුවෙකුටම නිවසක් ලබාදෙන බවත් ගොවීන්ගේ ආදායම දෙගුණ කරන බවටත් ඔහු එහිදී පොරොන්දුවක්ද ලබාදී තිබෙනවා. 

කෙසේවෙතත් පකිස්තානය හෝ චීනය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා අද සිදුකළ කතාවේදී විශේෂයෙන් සදහන් කර නොමැති බවයි ඉන්දීය මාධ්‍යයන්හි දැක්වෙන්නේ.