Wednesday, April 24, 2024

General line - 0115112241

රාජ්‍ය ආයතන මුල්පුටු හිතුමතේ වෙනස් කිරීමට තහංචියක්




රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්‍ෂ මණ්ඩල තනතුරු සඳහා නව පත් කිරීම් සිදුකිරීමේදී හෝ වෙනස් කිරීමේදී පූර්ව අනුමැතිය ලබාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුක්තවයි. 

ඒ අනුව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්‍ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට අවශ්‍ය නම් සාධාරණ හේතු සහිතව නාමයෝජනා ඉදිරිපත් කර අදාළ කමිටුවෙන් පූර්ව අනුමැතිය ලබාගැනීම අනිවාර්යය කර තිබෙනවා. 

මෙම තීරණලය ගැනීමට හේතු වී ඇත්තේ පූර්ව එකගතාවයකින් තොරව අදාළ තනතුරු වෙනස් කිරීමට ජනාධිපතිලවරයා වෙත කෙරෙන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්. එමෙන්ම අවිධිමත් පත් කිරීම් පිලිබඳව ද අවධානය යොමු කරමින් මෙම කමිටුව පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.