Friday, April 26, 2024

General line - 0115112241

තායිවානයට යළිත් චීනයෙන් සම්බාධක




තායිවාන රජයේ උසස් නිලධාරීන් 07 දෙනෙකුට එරෙහිව චීනය සම්බාධක පනවා තිබෙනවා. චීනය පවසන්නේ අදාළ නිළධාරීන් පිරිස තායිවානයේ නිදහස වෙනුවෙන් සහය ලබාදෙමින් සිටින බවයි. 

ඒ අනුව චීනයෙන් පැනවූ සම්බාධක යටතේ අදාළ තායිවාන නිලධාරීන් පිරිසට චීනයට ඇතුළුවීම තහනම් වනු ඇති. චීනයට අමතරව හොංකොං රාජ්‍යයට හා මැකෝ දේශය වෙත ගමන් කිරීම ද අදාළ තායිවාන නිලධාරීන් පිරිසට තහනම් වනවා.  

එමෙන්ම ඔවුන්ට චීන රජයේ නිලධාරීන් සමග ගනුදෙනු කිරිම ද තහනම් බවයි චීනය පැවසුවේ. 

තායිවානය සම්බන්ධයෙන් චීනය යළිත් මෙලෙස කෝපයට පත්ව සිටින්නේ අමෙරිකානු සෙනට් මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් හදිසි සංචාරයක් සඳහා තායිවානයට පැමිණීම හේතුවෙන්. ඊට එරෙහිව චීනය ඊයේ යුද අභ්‍යාසයක් ද ආරම්භ කළා.