Friday, April 19, 2024

General line - 0115112241

අන්තරේ සිසුන් පිරිසක් සහ අධ්‍යාපන ඇමති අතර සාකච්ඡාවක්




අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 

එහිදී අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් ඉල්ලා ඇත්තේ මේවනවිට තමන්ට ලබාදෙන රුපියල් 5,500 ක මහපොළ ශිෂ්‍යත්වය වැඩිකර දෙන ලෙසයි. 

එමෙන්ම විශ්ව විද්‍යාල යළි ආරම්භ කිරීමෙන් පසු සිසුන්ට ඇතිවිය හැකි ආපනශාලාවල ආහාර මිල ගණන් ඇතුළු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ පිළිබඳ තවත් සාකච්ඡාවක් ලබන 23 වනදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතයි.