Thursday, March 28, 2024

General line - 0115112241

ගොවීන්ට ඉන්ධන ලබාදීම සම්බන්ධීකරණය කිරීමට විශේෂ නිලධාරියෙක්




ගොවීන්ට අස්වනු නෙලීමට හා වගා කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සම්බන්ධීකරණයට කෘෂිකර්ම අමාත්‍යංශයෙන් නිලධාරීයෙකු පත් කර තිබෙනවා. 

ඊට හේතුවී ඇත්තේ යල කන්නයේ වී අස්වනු නෙලීම සඳහා ප්‍රමාණවත් හා විධිමත් පරිදි තමන්ට ඉන්ධන නොලැබෙන බවට ගොවීන් මැසිවිලි නැගීමයි. 

ඒ අනුව ගොවීන් වෙත ඉන්ධන සැපයීම අඛණ්ඩව හා විධිමත්ව සිදුකිරීම සඳහා එම නිලධාරියා හෙට සිට ලංකා ඛණිජතෙල් සංස්ථාවට යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ. කෘෂිකර්ම අමාත්‍යංශය හා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම මෙහි අරමුණයි.