Saturday, April 20, 2024

General line - 0115112241

දෙසැම්බර් මාසය අවසන් වන විට රටේ සහල් හිඟයක් ඇතිවීය හැකි - කෘෂිකර්ම ඇමති




බොහෝ දුරට දෙසැම්බර් මස අවසානයේ රට තුළ යම් සහල් හිගයක් ඇතිවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. එබැවින් සහල් සංචිතයක් පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

මේවනවිට රට තුළ සහල් හිගයක් නොමැති බවත් යල කන්නයේ වී අස්වැන්න සහ ආනයනික සහල් තොග රට තුළ ඇති බවත් ඔහු පැවසුවා. ඉකුත් ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 05 කට වඩා ආනයනය කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

මෙවර යල කන්නයේ වී සඳහා ගොවීන්ට ඉහළ මිලක් ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ. ඒ අනුව පළමු අදියරේදී වී මෙට්ට්‍රික් ටොන් 30,000 ක් මිලදී ගැනීමේ කටයුතු හෙට සිට ආරම්භ කෙරෙනවා. 

කෙසේවෙතත් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ ආනයනික සහල් හේතුවෙන් මෙරට වී මිල පහළ ගොස් ඇති බවයි. 

මේ අතර සහල් කිලෝවක මිල අද සිට රුපියල් 5 කින් අඩු කෙරුණා.