Friday, April 19, 2024

General line - 0115112241

GSP වෙනුවට බ්‍රිතාන්‍යයෙන් DCTS - ශ්‍රී ලංකාවේ තීරුබදු සහනය තවදුරටත්




ජී එස් පී ප්ලස් සහනය වෙනුවට බ්‍රිතාන්‍යය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා හඳුන්වා දුන් නව වෙළඳ යෝජනා ක්‍රමය වන ඩී සී ටී සී ක්‍රමය සඳහා ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබෙනවා. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදනවලින් සියයට 80 කට වැඩි ප්‍රමාණයක් තීරු බදු රහිතව බ්‍රිතාන්‍යය වෙළඳපල වෙත යැවීමට හැකි වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ. 

මෙම නව ක්‍රමය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය අද පළමුවරට අනාවරණ කළා. එමගින් සහන සැලසෙන රටවල් සංඛ්‍යාව 65 කට අධිකයි. 

අප්‍රිකානු, ආසියානු ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් ඊට ඇතුළත්. නව ක්‍රමය හරහා වසරකට පවුම් මිලියන 750 ක වටිනාකමින් යුත් ආහාර, ඇඳුම් පැළඳුම් ඇතුළු භාණ්ඩ රැසක් තීරුබදු රහිතව බ්‍රිතාන්‍යය වෙළඳපලට එක් කිරීම අවස්ථාව උදා වනවා.