Friday, April 26, 2024

General line - 0115112241

ආහාර පානවලට ජනතාවගේ ඉල්ලුම පහළ යයි




ඉකුත් ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේ ආහාර පාන නිෂ්පාදන අංශයේ පැවැති ඉල්ලුම පහළ ගොස් තිබෙනවා. ඒ, පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ හැකියාව පිරිහීම හා ඉන්ධන හිගය හේතුවෙන්. 

මහ බැංකුව පැවසුවේ පාරිභෝගිකයින් වෙළඳසැල් වෙත පැමිණීම ද පහත වැටී ඇති බවයි. මේ හේතුවෙන් ඉකුත් ජූලි මාසයේදී නිෂ්පාදන අංශයේ ගැනුම්කරුවන්ගේ දර්ශකය ජූනි මාසයට සාපෙක්ෂව සියයට 2.7 කින් පහළ ගොස් තිබෙනවා. 

නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසුබෑමක් ද පෙන්නුම් කර ඇති බවයි මහ බැංකුව පැවසුවේ. ඒ අනුව නිෂ්පාදන, සේවා නියුක්තිය හා තොග මිලදී ගැනුම් පෙර මාසයට සාපේක්ෂව වැඩි අගයකින් පහළ යාමක් පෙන්නුම් කර ඇති බව ද මහ බැංකුව අද නිකුත් කළ වාර්තාවක සඳහන්.