Wednesday, April 24, 2024

General line - 0115112241

රට ස්ථාවර වෙමින් ඇතැයි මහබැංකු අධිපති කියයි




ඉකුත් කාලයේ ගත් තීරණ හමුවේ රට මේ වනවිට ස්ථාවර වෙමින් ඇතැයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහබැංකු අධිපතිවරයා පැවසුවේ උද්ධමනය සියයට 70ක් දක්වා ඉහල යා හැකි බවට අපේක්ෂා කළද ගත් තීරණ හමුවේ එය ඉහල නොගිය බවත් ඉදිරියේදී උද්ධමනය තවත් පහල යනු ඇති බවයි. 

ඉදිරියේදී රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

බැංකු ක්‍රමයට බාහිරව මෙරටට මුදල් ලැබීමේ අඩුවීමක්ද දක්නට ලැබෙන බවයි  මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සදහන් කළේ.