Thursday, April 25, 2024

General line - 0115112241

දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්වෙයි




ආසියානු කුසලාන සංචිතයට නම් කර ඇති වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්ව ඇති බැවින් ඔහු ආසියානු කුසලාන තරඟාවලියට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

දුෂ්මන්ත චමීර වෙනුවට නුවන් තුෂාර ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. 

ආසියානු කුසලානය සඳහා නම් කළ විසි දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් තුන්දෙනෙකු පොරොත්තු ක්‍රීඩකයින් ලෙස රැඳී සිටින අතර ඔවුන් කණ්ඩායම සමඟ ඩුබායි බලා ගමන් නොකරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා. එලෙස පොරොත්තු ක්‍රීඩකයින් ලෙස නම් කර සිටින්නේ දිනේෂ් චන්දිමාල්, නුවනිදු ප්‍රනාන්දු, නුවන් තුෂාරයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වන දුෂ්මන්ත චමිරට මෙන්ම ඉන්දීය කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වන ජස්ප්‍රිට් බුම්රාට සහ පාකිස්තාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩිටද මෙවර ආසියානු කුසලානු තරඟවලිය අහිමි වී තිබෙනවා. ඒ ඔවුන් ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන්.