Saturday, April 20, 2024

General line - 0115112241

ආසියානු කුසලාන සටනට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ අද දිවයිනෙන් පිටත්ව යයි




ආසියානු කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පස්වරු 02 යි 30 ට පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්ව යාමට නියමිතයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන 27 වනදා ආරම්භ වනවා. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය සමග තරග කිරීමට නියමිතයි.