Saturday, April 20, 2024

General line - 0115112241

එංගලන්තය මවිත කළ ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය




එංගලන්තයේදී ම එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට හැකිවී තිබෙනවා. ඒ, දෙපිළ අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදීයි. ශ්‍රී ලංකාව මෙම තරඟය ජය ගත්තේ කඬුලු 03 කින්. 
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 387 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 407 ක් රැස් කළා.

එංගලන්ත කණ්ඩායම දෙවන ඉනිමේදී ලකුණු 292 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අනුව හිමිවූ ලකුණු 276 ක ඉලක්කය ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පසුකර ගියේ කඬුලු 07 ක් පමණක් දැවී තිබියදීයි.