Thursday, April 25, 2024

General line - 0115112241

උසේන් බෝල්ට් මීටර් 100ය රන් පදක්කම දිනා ගත් අයුරු (VIDEO)




මෙවර රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ලොව වේගවත්ම මිනිසා ලෙසින් යළි අභිෂේක ලබන්නට ජැමෙයිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ, මීටර් සියය පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්.

උසේන් බෝල්ට් තරගය නිම කිරීම සඳහා වැය කළ කාලය තත්පර 09.81ක්.

බ‍්‍රසීල අනාවැකිකාරියක් උසේන් බෝල්ට්, අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් හමුවේ මෙවර පරාජය වන බව අනාවැකි පළ කර තිබුණා.

කෙසේවෙතත් ජස්ටින් ගැට්ලින්ට අවසන් තරගයේදී හිමිවූයේ රිදී පදක්කමයි.

ගැට්ලින්ගේ තරග නිමි කාලය තත්පර 09.89 ක්. එම ඉසව්වේ ලෝකඩ පදක්කම කැනඩාවේ අන්ද්‍රේ ඞී විසින් දිනාගත්තා.

13925319_835437993223994_8818455513057420500_n13906655_835452719889188_6821743466985290891_n 14012517_10210369283414756_1802746251_o