Wednesday, April 24, 2024

General line - 0115112241

ආසියානු කුසලානය හෙට ඇරඹේ : පළමු තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ද වැඩි ඉඩක් ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු භානුක රාජපක්ෂ පවසනවා. ඒ, ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට පෙර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භ වනවා. පළමු තරඟය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතරයි. B කාණ්ඩයේ තරඟයක් ලෙස එය පැවැත්වෙනවා.

ඩුබායිහිදී තරඟය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් හෙට රාත්‍රී 07 යි 30 ටයි.