Tuesday, April 23, 2024

General line - 0115112241

යුක්රේනයේ සිට රුසියාවට පැමිණෙන පුද්ගලයින්ට පුටින්ගෙන් තෑගි




යුක්රේනයේ සිට රුසියාවට පැමිණෙන පුද්ගලයින්ට මාසික දීමනාවක් ලබාදීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන නියෝගයට රුසියානු ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

යුක්රේනයේ සිට පැමිණි විශ්‍රාමිකයින්, ගර්භණී කාන්තාවන් හා ආබාධිත පුද්ගලයින් ඇතුළු පිරිස් මෙම දීමනාව සඳහා සුදුසුකම් ලබනු ඇති.

අදාළ පුද්ගලයින්ට රුසියාවෙන් මාසිකව එලෙස ලබාදෙන මුදල රූබල් 10,000 ක්. එම මුදලෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් 170 ක් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව ඉකුත් පෙබරවාරි මස 18 වනදා සිට යුක්රේනයේ සිට රුසියාවට පැමිණි පුද්ගලයින්ට මෙම මාසික දීමනාව හිමිවනු ඇති.