Saturday, April 20, 2024

General line - 0115112241

මෙවර ආසියානු කුසාලන තරග බිමේ ඉන්දු - පකිස්තාන පළමු ගැටුම අද




ආසියානු කුසලාන තරගාවලියේදී ප්‍රේක්ෂකයින්ගේ වැඩිම අවධානයක් යොමුවන තරගය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා.. ඒ, ඉන්දියාව සහ පකිස්තානය අතරයි.

මෙරට වේලාවෙන් රාත්‍රී 07 යි 30 ට තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ රෝහිත් ශර්මා විසින්. පකිස්තාන කණ්ඩායමට බාබර් අසාම් නායකත්වය ලබා දෙනවා.

ජාත්‍යන්තර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් පිටියේ 1750 වන තරගයයි අද පැවැත්වෙන්නේ. තරගය පැවැත්වෙන්නේ ඩුබායිහිදීයි.