Friday, April 19, 2024

General line - 0115112241

වසරේ ප්‍රබලතම සුළි කුණාටුව ජපානය දෙසට (LIVE TRACKING)




2022 වසරේ ලොව ප්‍රබලතම සුළි කුණාටුව නැගෙනහිර චීන මුහුද හරහා ගමින් කරමින් ඇති අතර එමගින් ජපානයේ දකුණු දිග දූපත්වලට මෙන්ම චීනයේ නැගෙනහිර වෙරළ කලාපයට තර්ජනයක් එල්ල වන බව කාලගුණ බලධාරීන් අනතුරු අඟවා සිටියි.

"Hinnamnor" යන නමින් නම් කර ඇති මෙම ප්‍රබල සුළි කුණාටුව මේ වන විට පැයට සැතපුම් 160 -195ත් අතර වේගයකින් හඹා යමින් පවතින බවයි අමෙරිකාවේ සුළි සුළං පිළිබද අනාවැකි පලකිරීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.

මෙම සුළි කුණාටුව හේතුවෙන් මුහුදු රළ අඩි 50ක් දක්වා උපරිම උසකට ඉහළ නැගිය හැකි බවයි කාලගුණ බලධාරීන් පෙන්වා දෙන්නේ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියේ නිලධාරියෙකු සඳහන් කලේ වසරේ මෙතෙක් වාර්තාවූ උපරිම සුළං ධාරාවකින් යුත් සුළි කුණාටුව ලෙස "Hinnamnor" ලෙස හැඳින්විය හැකි බවයි.

හොංකොං හි පිහිටි කාලගුණ බලධාරීන්ගේ දත්ත අනුව එරට වේලාවෙන් අද පෙරවරු 10ට මෙම සුළි කුණාටුව ජපානයේ ඔකිනාවා සිට කිලෝමීටර් 230 ක් පමණ නැගෙනහිරින් කේන්ද්‍රගත වූ අතර එය පැයට කිලෝමීටර් 22 ක වේගයෙන් නිරිත දෙසින් පිහිටි රියුක්යු දූපත් දෙසට ගමන් කරනු ඇති බවයි පුරෝකථනය කර සිටින්නේ.

LIVE TRACKING