Tuesday, April 23, 2024

General line - 0115112241

යාපනයේ පිපිරීමකින් පුද්ගලයෙකු මරුට (PHOTOS)




යාපනය මුහමාලෙයි කිලාලි ප‍්‍රදේශයේදී බිම් බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ යාපනය කිලාලි ප‍්‍ර‍්‍රදේශයේ 39 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

ඔහු ඉකුත් 12 වනදා පස්වරුවේ දර කැඞීම සඳහා කිලාලි ප‍්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් නොකළ ප‍්‍රදේශයකට ගොස් තිබෙනවා.

ඔහු යළි නිවසට නොපැමිණීම නිසා පවුලේ ඥාතීන් ඒ පිළිබඳ 13 වනදා පස්වරුවේ පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති බව සඳහන්.

ඒ අනුව පොලිසිය සිදු කළ සෝදිසියකදී මෙම පුද්ගලයාගේ මල සිරුර කිලාලි ප‍්‍රදේශයේ තිබී සොයා ගැනුණා.

පිපිරීම සිදුවූ ප‍්‍රදේශය මහජනතාවට තහනම් කලාපයක් ලෙස නම් කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.

Image00001jaffna Image00002jaffna Image00003jaffna Image00004jaffna Image00005jaffna