Thursday, April 25, 2024

General line - 0115112241

රුසියාව, යුරෝපයට ගෑස් සැපයීම තවදුරටත් අත්හිටුවයි




ජර්මනිය හා ප්‍රංශය ඇතුලුව යුරෝපා සංගමයට අයත් රටවල් මේවනවිට විදුලි අර්බුදයකට මුහුණ පා සිටිනවා. ඒ රුසියාව සිදු කරන ගෑස් සැපයුම සීමා කිරීම හේතුවෙන්.

කෙසේවෙතත් විදෙස් වාර්තා පවසන්නේ යුරෝපා රටවල් එලෙස අර්බුදයකට මුහුණ පා ඇති පසුබිමක් තුළ රුසියාව තවදුරටත් සිය ගෑස් සැපයුම සීමා කර ඇති බවයි. ඒ අනුව මේවනවිටත් වසා දමා ඇති රුසියාවෙන් යුරෝපයට ගෑස් සපයන ප්‍රධාන නලය තවදුරටත් වසා දැමීමටයි රුසියාව පියවර ගෙන ඇත්තේ.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බව පවසමින් රුසියාව ඉකුත් දා එම නල මාර්ගය වසා දැමුවා. එය අද දිනයේදී විවෘත කිරීමටයි නියමිතව තිබුණේ. කෙසේවෙතත් රුසියාව පවසන්නේ නල මාර්ගයේ පවතින කාන්දුවක් හේතුවෙන් එය විවෘත කිරීම තවදුරටත් ප්‍රමාද වන බවයි.

රුසියාවේ මෙම ක්‍රියාකලාපය හමුවේ යුරෝපා සංගමයට අයත් රටවල ගෑස් මිල තවදුරටත් ඉහළ ගොස් එම රටවල් දැඩි විදුලි විදුලි අර්බුදයකට මුහුණ පානු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම තත්ත්වය හමුවේ යුරෝපා සංගමයට අයත් රටවලට මෙම සීත ඍතුවේදී දරා ගත නොහැකි ලෙස තවදුරටත් විදුලි මිල ඉහල යාමකට හෝ දැඩි විදුලි අර්බුදයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවයි ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ. යුරෝපා රටවල් මෙන්ම බි්‍රතාන්‍ය ද මෙම අර්බුදයට මුහුණ දෙනු ඇති.

යුක්රේන අර්බුදය පදනම් කර ගනිමින් යුරෝපා රටවල් අමෙරිකාව සමග එක්ව රුසියාවට සම්බාධක පනවනු ලැබුවා. රුසියාව යුරෝපයට සිදු කරන ගෑස් සැපයුම සීමා කළේ එහි ප්‍රතිපලයක් ලෙසයි.