Saturday, April 20, 2024

General line - 0115112241

නාසා සඳ ගමන දෙවන වරටත් නවතී




සඳ ගමනය සඳහා නාසා ආයතනය නිර්මාණය කළ ආටිමීස් වන් රොකට්ටුව අභ්‍යවකාශ ගත කිරීම දෙවන වරටත් ප්‍රමාද වී තිබෙනවා. ඒ, එහි හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන්. අදාළ රොකට්ටුව දෙවන වරට ඊයේ අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව තිබූ අතර ඉන්ධන කාන්දුවක් නිරීක්ෂණය වීම හේතුවෙන් මෙහෙයුම අත්හිටවූ බවයි නාසා ආයතනය පවසන්නේ. 

ඒ අනුව ආටිමීස් වන් රොකට්ටුව අභ්‍යවකාශ ගත කිරීම ලබන ඔක්තෝම්බර් මාසය දක්වා කල් යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
ආටිමීස් වන් යනු නාසා ආයතනය මෙතෙක් නිර්මාණය කළ බලවත්ම රොකට්ටුව බවටයි සැලකෙන්නේ.

එය පළමුව අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව තිබුණේ ඉකුත් 29 වනදායි. එහෙතේ එදින ද  තාක්ෂණික දෝෂයක් බව පවසමින් අදාළ රොකට්ටුව අභ්‍යාවකාශ ගත කිරීම කල් දැමීමට නාසා ආයතනය කටයුතු කළා. 

කෙසේවෙතත් පවතින තත්ත්වය අනුව රොකට්ටුව දැඩි ලෙස පරීක්ෂා කිරිමට අවශ්‍ය බවයි ඉංජිනේරුවන් පවසා ඇත්තේ. එතෙක් රොකට්ටුව අභ්‍යවකාශගත කිරීම සම්බන්ධයෙන් තිරණය නොකරන බව ද නාසා ආයතනය පවසනවා. නාසා ආයතනය මෙලෙස සඳ ගමනකට සූදානම් වූයේ වසර 50 කට පසුවයි.