Friday, March 29, 2024

General line - 0115112241

බංග්ලාදේශ අගමැතිනිය ඉන්දියාවට




බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිව්දින නිල සංචාරයක් සදහා අද ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ලබන 08 වනදා තෙක් ඉන්දියාවේ රැදී සිටීමට නියමිත බව සදහන්.

ඉන්දියාවේ රැදී සිටින කාල සීමාව තුළ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා, ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

එම සාකච්ඡාවලදී දෙරටේ ද්විපාර්ශවික සම්බන්ධතා වර්ධනය, බලශක්ති හා ආහාර සුරක්ෂිතතාව මෙන්ම වෙලද සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

භූදේශපාලනික වශයෙන් අතිශය සමීප සබඳතා පවත්වන ඉන්දියාව සහ බංග්ලාදේශය සංස්කෘතික, ආර්ථික, භාෂා භාවිතය,ආගමික හා දේශපාලන ඉතිහාසය යන අංශ ඔස්සේ ඉන්දියාව සමග අතීතයේ සිට බැදී කටයුතු කරන රාජ්‍යයන් දෙකක්.

දේශපාලන,ආර්ථික, ආරක්ෂාව හා සෞඛ්‍ය යන අංශවලදී බංග්ලාදේශය අසීරු අවස්ථා සදහා මුහුන දෙන විට ඉන්දියාව සමීප අසල්වැසියෙකු ලෙස සහයෝගයෙන් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව බංග්ලාදේශය ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින මෙම අවස්ථාවේදි ද ඉන්දියාව සිය සහයෝගය ලබා දෙනු ඇති බවත්, අග්‍රාමාත්‍යවරියගේ සංචාරය අතරතුර ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දු - බංග්ලාදේශ විස්තීරණ ආර්ථික සහයෝගිතා ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරුන් සාකච්ඡා සිදු කිරීමට නියමිතව ඇත්තේ එවන් පසුබිමක් තුළයි.

එමෙන්ම ආරක්ෂක සහයෝගිතාවය සම්බන්ධයෙන් ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.