Wednesday, April 24, 2024

General line - 0115112241

ලන්ඩනයෙන් සොරකම් කළ මෝටර් රථය පකිස්තානයෙන් මතුවෙයි




එක්සත් රාජධානියෙන් සොරකම් කරන ලද සුඛෝපභෝගී Bentley Mulsanne (බෙන්ට්ලි මුල්සාන්) වර්ගයේ සෙඩාන් රථයක් පසුගිය සැප්තැම්බර් 2 වන දින පාකිස්තානයේ කරච්චි නුවර සුඛෝපභෝගී බංගලාවක තිබී එරට රේගු නිලධාරීන් විසින් සොයා ගන  ඇතැයි වාර්තාවනවා.

එම බංගලාවේ තිබී බලපත්‍ර නොමැති අවි ආයුධ රැසක් ද අත්අඩංගුවට ‍‍ගෙන ඇති බව ද සදහන්.

මෙම වාහනය සති කිහිපයකට පෙර ලන්ඩන් නුවරදී සොරකම් කර ඇති අතර, නැගෙනහිර යුරෝපීය රටක ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ ලියකියවිලි උපයෝගී කරගනිමින් මෙම මෝටර් රථය පාකිස්තානයට ආනයනය කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

එම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා මේ වනවිට එම රජය විසින් යළි කැඳවා ඇතැයි ද සදහන්. 

වාහනයේ මිල ඩොලර් 3,00,000 ක හෙවත් ආසන්න වශයෙන් පාකිස්තාන රුපියල් මිලියන 60.6 ක් වන බව ද පැවසෙනවා.