Friday, March 29, 2024

General line - 0115112241

වසර 17ක් පැරණි ලෝක වාර්තාවක් බිඳ වැටේ




වසර 17ක් පැරණි මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ ලෝක වාර්තාව බිඳ දමන්නට දකුණු අප‍්‍රිකාවේ Wayde van Niekerk අද (15) උදෑසන සමත් වුණා. ඒ, අද පැවති එම ඉසව්වේ අවසන් තරගයේ රන් පදක්කම දිනා ගනිමින්.

ඔහු ලෝක වාර්තාව තැබුයේ තත්පර 43.03ක දක්ෂතාවක් වාර්තා කරමින්.

මීට පෙර මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කීවේ අමෙරිකාවේ මයිකල් ජොන්සන් ක්‍රීඩකයායි.

ඔහු තත්පර 43.18ක දක්ෂතාවක් වාර්තා කරමින් 1999 වසරේදී එම වාර්තාව පිහිටුවා තිබුණා.

මෙවර පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේ රිදී පදක්කම ග්රේනේඩා රාජ්‍යයේ කිරානි ජේම්ස් දිනාගත් අතර ලෝකඩ පදක්කම අමෙරිකාවේ ලාෂ්වන් මෙරිට් විසින් දිනාගනු ලැබුවා.

535bf0198d908f1bd1924ecbfa51c677 13938511_1227926787242198_9107533918901933087_n aaaa400-large_trans++qVzuuqpFlyLIwiB6NTmJwfSVWeZ_vEN7c6bHu2jJnT8

van-niekerk-wayde2