Thursday, March 28, 2024

General line - 0115112241

පරාජයෙන් වියරුවූ ඇෆ්ගන් ප්‍රේක්ෂකයෝ, ප්‍රේක්ෂකාගාරයේ යකා නටයි




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් පාකිස්තානු කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟ සාජා ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ, එහි සිටි ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයින්, ප්‍රේක්ෂකාගාරයේ ආසන ගලවා පාකිස්තාන ප්‍රේක්ෂකයින් වෙත දමා ගැසීම හේතුවෙන්.

ඉන් අනතුරුව දෙරටේ ප්‍රේක්ෂකයින් අතර ගුටිබැට හුවමාරුවක්ද හටගෙන තිබුණා. මෙම තරඟයේ අවසන් පන්දුවාර කිහිපයේදී ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් සහ පාකිස්තාන ක්‍රීඩකයින් අතර ද යම් මත ගැටුමක් හට ගැණුනා. එය සමතයකට පත් කිරීමට විනිසුරුවන් පියවර ගත්තා.

පාකිස්තාන ප්‍රේක්ෂකයින් සහ ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයින් අතර ප්‍රේක්ෂකාගාරයේ ඇතිවූ මෙම ගැටුම සම්බන්ධයෙන් වන වීඩියෝවක් නෙත් ස්පෝර්ට්ස්මන් අපගේ ෆේස්බුක් පිටුවේ ඇතුලත්.