Thursday, April 25, 2024

General line - 0115112241

ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාව හා පාකිස්තානය තුරුම්පු සඟවයි




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ අවසන් තරඟය අද පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතරයි. මෙම කණ්ඩායම් දෙකම මේ වන විටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා අවසන්.

ඒ අනුව අද තරඟය සැලකෙන්නේ අවසන් මහා තරඟයේ පෙරහුරු තරඟයක් ලෙසයි. එබැවින් අද තරඟයේදී කණ්ඩායම් දෙකේම ප්‍රධාන වේග පන්දු යවන්නන් විවේක ගන්වනු ඇති බවටයි ක්‍රීඩා වාර්තාවල දැක්වෙන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට කැදවනු ඇති බවට වාර්තා වනවා. එමෙන්ම අසිත ප්‍රනාන්දු වෙනුවට මතීෂ පතිරණ ශ්‍රී ලංකා පිළට එක්වනු ඇති බවටයි වාර්තා වන්නේ. පාකිස්තාන කණ්ඩායම ද සිය ප්‍රධාන වේග පන්දු යවන්නන් අද තරඟයේදී විවේක ගන්වනු ඇති බවට වාර්තා වනවා.

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා - පාකිස්තාන පන්දු වාර විස්සයි 20 ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 07 යි 30 ට ආරම්භ වීමට නියමිතයි.