Thursday, April 25, 2024

General line - 0115112241

රටවැසියන්ගේ ඔල්වරසන් මධ්‍යයේ චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු වෙයි




2 වන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුව බ්‍රිතාන්‍යයට අද නව රජෙකු පත්වුනා. ඒ, චාල්ස් පිලිප් ආතර් ජෝජ්, බ්‍රිතාන්‍යයේ 3 වන චාල්ස් ලෙස අද දිනයේ නිළ වශයෙන් ප්‍රකාශයට පත්කිරීමත් සමගයි. 

නව රජු පත් කර ගැනීම එංගලන්තයේ ලන්ඩන් අගනුවර ශාන්ත ජේම්ස් මාලිගයේ පැවති සාම්ප්‍රදායික උත්සවයකදී සිදු කෙරුණා. එහිදී රාජකීය උපදේශක සභාව හමුවේ චාල්ස් කුමරු දිවුරුම් දුන්නේ බ්‍රිතාන්‍යයේ 3 වන චාල්ස් රජු ලෙසයි. 

උත්සව අවස්ථාව සදහා චාල්ස් රජුගේ රාජකීය සහකාරිය වන කැමිලා පාකර්, රජුගේ පුත් විලියම් කුමරු මෙන්ම බ්‍රිතාන්‍යය හිටපු අග්‍රාමාත්‍යවරුන් 6 දෙනෙකුගෙන් ප්‍රමුඛ දේශපාලනඥයින් පිරිසක් සහභාගී වුණා. 

පැමිණ සිටි හිටපු අග්‍රාමාත්‍යවරුන් වන්නේ ටෝනි බ්ලෙයාර්, ග්‍රොර්ඩන් බ්‍රවුන්, ශ්‍රීමත් ජෝන් මේජර්, ඩේවිඩ් කැමරන්, තෙරේසා මේ සහ බොරිස් ජොන්සන්. රජු දිවුරුම් දීමෙන් අනතුරුව සිදු වුණේ නව රජු පිළිබද ජනතාවට නිළ වශයෙන් දැනුම් දීමයි. ඒ අනුව ශාන්ත ජේම්ස් මාලිගයේ සදලුතලයේදී 3 වන චාල්ස්, බ්‍රිතාන්‍යයේ මීළග රජු බව ජනතාවට නිල වශයෙන් දැනුම් දුන්නා.

රජු පිළිබඳ නිළවශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමග බ්‍රිතාන්‍යය වැසියන්  ”ගෝඩ් සේව් ද කින්”  යනුවෙන් හඩනගා පවසමින් සිය සතුට ප්‍රකාශ කළා.

නව රජු පත් කර ගැනීම සඳහා එංගලන්තයේ ලන්ඩන් අගනුවර ශාන්ත ජේම්ස් මාලිගයේ පැවති සාම්ප්‍රදායික උත්සවයේ තවත් තොරතුරු බ්‍රිතාන්‍යයේ සිටින නෙත් නිවුස් වාර්තාකරු ජනක අලහප්පෙරුමගෙන්.

මේ අතර මහා බ්‍රිතාන්‍යයට අයත් වේල්සයේ, ස්කොට්ලන්තයේ සහ අයර්ලන්තයේදීද 3 වන චාල්ස්, බ්‍රිතාන්‍යයේ මීළග රජු ලෙස පත්වු වග නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ම කටයුතු හෙට දිනයේදී සිදු කිරීමට නියමිත අතර 3 වන චාල්ස් රජු හෙට දිනයේදී ස්කොට්ලන්තයේ, වේල්සයේ හා අයර්ලන්තයේ සංචාරය කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.