Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාව ගුවන් මිසයිල පද්ධතියක් සාර්ථකව අත්හදා බලයි




ඉන්දියාව සිය හදිසි ප්‍රතිචාර ගුවන් මිසයිල පද්ධතියක අත්හදා බැලීම් සාර්ථකව සිදුකර ඇති බව වාර්තා වනවා.

ඔඩිස්සා වෙරළ සීමාවේ චන්දිපූර්හිදී ඉන්දීය යුද හමුදාව විසින් මෙම සාර්ථක අත්හදා බැලීම සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

විවිධ අවස්ථා යටතේ අවි පද්ධතිවල හැකියාව තක්සේරු කිරීම හා අධිවේගී ගුවන් ඉලක්කවලට එරෙහිව ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් මෙම අත්හදා බැලීම සිදුකළ බව ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය පවසනවා.

දුරේක්ෂ, රේඩාර් සහ වෙනත් විද්‍යුත් ලුහුබැඳීමේ පද්ධති මගින් මිසයිල ක්‍රියාකාරීත්වය සාර්ථකව තහවුරු කර ඇති බව ද ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය සඳහන් කරනවා.

ඉන්දීය යුද හමුදාවේ මෙම සාර්ථක මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් සුබ පැතුම් එක් කරමින් එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පැවසුවේ සතුරු ගුවන් ඉලක්ක වෙත සාර්ථකව ප්‍රතිචාර දැක්වීම සදහා ඉන්දීය හමුදාව සතු බලය පෙන්නුම් කෙරෙන බවයි.