Friday, March 29, 2024

General line - 0115112241

ආසියානු දැල් පන්දු ශූරතාව අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද අවසන් මහා තරගයට




ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව සහ සිංගප්පූරු කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ සිංගප්පූරුවේදීයි.

මෙරට වේලාවෙන් පස්වරු 01 යි 30 ට පමණ මෙම තරගය ආරම්භ වනවා.

පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 67 ට 43 ක් ලෙස හොංකොං කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

සිංගප්පූරු කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ලකුණු 54 ට 41 ක් ලෙස දෙවන අවසන් පූර්ව තරගයෙන් මැලේසියානු කණ්ඩායම පරාජයට පත් කරමින්.