Friday, March 29, 2024

General line - 0115112241

රැජිනගේ දේහය බැල්මොරල් මාලිගයෙන් රැගෙන යයි




අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ දේහය මේවනවිටත් තැන්පත් කර ඇත්තේ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේයි. එරට වේලාවෙන් අද උදෑසන 10 ට දේහය බැල්මොරල් මාලිගයෙන් පිටතට ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඉන් අනතුරුව එය ස්කොට්ලන්තයේ අගනුවර වන එඩින්බර්ග් හි හෝලිරූඩ් මාලිගය වෙත රැගෙන ගොස් එහි තැන්පත් කෙරෙනු ඇති. බැල්මොරල් මාලිගයේ සිට සැතපුම් 172 ක පමණ දුරකින් පිහිටි හෝලිරූඩ් මාලිගය වෙත රැජිනගේ දේහය රිය පෙරහරකින් රැගෙන යාම සඳහා පැය 06 කට ආසන්න කාලයක් ගත වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

අනතුරුව හෝලිරූඩ් මාලිගය තුළ දේහය හෙට පස්වරුව වන තෙක් තැන්පත් කරනු ඇති. එය ලන්ඩනය බලා රැගෙන එන්නේ ඉන් අනතුරුවයි. 

මේ අතර අභවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංග්‍ය උත්සවයට බ්‍රිතාන්‍යය දින නියම කර තිබෙනවා. ඒ අනුව ලබන 19 වනදා වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී රාජකීය අවමංග්‍ය උත්සවය පැවැත්වෙනු ඇති. එදින එංගලන්තයට රජයේ නිවාඩු දිනයක් ලෙසයි ප්‍රකාශයට පත් කර ඇත්තේ.