Friday, April 19, 2024

General line - 0115112241

තලේබාන් සංවිධානය තේ , කෝපි අළෙවිසැලුත් වසා දමයි




ඇෆ්ගනිස්තානයේ නිම්රෝස් පළාතේ පිහිටි කෝපි සහ තේ අළෙවිසැල් වසා දමන ලෙස තලේබාන් සංවිධානය නියෝග කර තිබෙනවා.

ඊට අමතරව එම පළාතේ පිහිටි උත්සවශාලා තුළ  උත්සව පැවැත්වෙන අවස්ථාවලදී  සංගීත වාදන කටයුතු සිදු නොකරන ලෙසටද  තලේබාන් සංවිධානයට නියෝග කර ඇති බව සදහන්.

විදෙස් මාධ්‍ය පැවසුවේ නිම්රෝස් පළාතේ ආගමික දෙපාර්තමේන්තුව විසින් එම නියෝගය නිකුත් කර ඇති බවයි. 

ඉස්ලාම් දේවස්ථාන තුළ ආගමික මෙහෙයන් පැවැත්වෙන අවස්ථාවළදී පවා කෝපි හා තේ අළවිසැල් හිමිකරුවන් සිය ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටින බවට අදාළ දෙපාර්තමේන්තුව චෝදනා කර තිබෙනවා.

 එබැවින් මාස 3 ක් ඇතුළත කෝපි හා තේ අළවිසැල් හිමියන් ඔවුන්ගේ අලෙවිසැල් විකුණා දැමිය යුතු බවත් අනතුරුව නව ප්‍රතිසංස්කරණ හදුන්වා දෙන බවත් තලේබාන් සංවිධානය පවසා ඇතැයි සදහන්.

 එම නියෝග කඩකරන  පුද්ගලයින්ට එරෙහිව දැඩි දඩුවම් පමුණුවන බවද තලෙයිබාන් සංවිධානය ප්‍රකාශයට පත් කර තිබෙනවා.  

මේ අතර තලෙයිබාන් සංවිධානයේ අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නිම්රෝස් පළාතේ උත්සවශාලා හිමිකරුවන් ද චෝදනා නගා තිබෙනවා.

පසුගිය වසරේ සිට සංගීත වාදන කටයුතු එම  උත්සවශාලා තුළ නොපවැත්වූ බවත් තලේබාන් සාමාජිකයින් වරින් වර පැමිණ සිය උත්සවශාලා පරීක්ෂාවට  ලක් කරන බවත් උත්සවශාලා හිමියන් පවසනවා. 

නොම්රෝස් පළාතේ කෝපි තේ පැන් අලෙවිසැල්හිමියන් මෙන්ම උත්සවශාලා හිමිකරුවන් ද පවසන්නේ පවතින තත්වය අනුව තමන්ට වෙනත්  ආදායම් මාර්ග සදහා ද යොමු විය නොහැකි බවයි.