Saturday, April 20, 2024

General line - 0115112241

ආසියානු කුසලානය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට, ජනපති සුබ පැතුම් එක් කරයි




2022 ආසියානු ක්‍රිකට් කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුභාශීංසන පිළිගන්වා තිබෙනවා.

ආසියානු ක්‍රිකට් තරඟාවලියේ පකිස්තානයට එරෙහිව අවසන් මහා තරඟයෙන් වාර්තාගත විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගනිමින් ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කීර්තිනාමය නැවත ජාත්‍යන්තරය හමුවේ ඔසවා තැබූ බවයි ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මෙම සියලු ජයග්‍රහණයන්ට නායකත්වයේ සහ කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගේ එකමුතුව සහ අසීමාන්විත කැපවීම ඉවහල් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. ඒ වෙනුවෙන් කැප වූ පුහුණුකරුවන්ට, කළමණාකාරිත්වයට හා පරිපාලනයටද ස්තූතිය පුද කර සිටින බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. 

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අභියෝගකාරී තත්ත්වය හමුවේ වුවද මාතෘ භූමිය වෙනුවෙන් එක්සිත්ව ජයග්‍රහණය තෙක් සියලුදෙනා කළ පොදු කැපවීම ක්‍රිකට් ලෝකයට පමණක් නොව සෙසු ක්ෂේත්‍රවල දෙවන පරපුරට ද මහඟු ආදර්ශයක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.