Friday, April 19, 2024

General line - 0115112241

මීළඟ ඉලක්කය ගැන දසුන් කතා කරයි




විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටය ජයගෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සිය කණ්ඩායමේ මීළඟ අරමුණ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

සුදුසුකම් ලබා ගැනීමේ වටය සඳහා ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට අමතර වාසියක් අත්කරදෙනු ඇති බවයි ශ්‍රී ලංකා නායකයා මාධ්‍ය හමුවේ කියා සිටියේ. 

ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ මූලික වටයේ තරඟ ලබන මස 16 වනදා ආරම්භ වනවා. එම තරඟ වටයේ පළමු තරගයේදී ශ්‍රී ලංකාව සහ නැමීබියාව තරග වැදීමට නියමිතයි.