Thursday, April 25, 2024

General line - 0115112241

ඇෆ්ගන් වැසියන් පිරිසක් මුදා ගැනීමට තලෙයිබාන්වරුන් හා පකිස්තානය අතර සාකච්ඡා




පකිස්තානය භාරයේ පසුවන ඇෆ්ගනිස්තාන වැසියන් 300 දෙනෙකු නිදහස් කර ගැනීම සදහා තලෙයිබාන් සංවිධානය සහ පකිස්තාන බලධාරීන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

අදාල ඇෆ්ගන් වැසියන් පිරිස පකිස්තාන පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා පළ වුණේ ඉකුත් අගෝස්තු මාසයේදීයි.

පිලිගත හැකි නීතිමය ලියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හමුවේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුනු පිරිස අතර කාන්තාවන් සහ කුඩා ළමුන් ද වන බව සදහන්.

අදාල පිරිස මුදා ගැනීම සම්බන්ධයෙන් පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ඇෆ්ගන් තානාපති කාර්‍යාලයේ නිලධාරීන් පකිස්තාන බලධාරීන් සමග සාකච්ඡා කරමින් ඇතැයි වාර්තා අනාවරණ කළා.

ඒ අනුව අදාළ ඇෆ්ගන් වැසියන්ගෙන් පිරිසක් අද දිනයේදී නිදහස් කිරීමට නියමිතව ඇත්තේ දඩ මුදල් ගෙවීමෙන් අනතුරුවයි.

අනෙක් පිරිස ඉදිරියේදී නිදහස් කිරීමට නියමිතයි.

කෙසෙවෙතත් මෙම ගැටලුවෙන් ප්‍රයෝජන ගන්නා පුද්ගල කණ්ඩායමක් ද පකිස්තානය තුළ සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන් රැදවුම් භාරයේ පසුවන ඇෆ්ගන් වැසියන්ට උපකාර කරන මුවාවෙන් මුදල් එක්‍ රැස් කිරීමේ ජාවාරමක නිරත වී සිටින බව ද වාර්තා වනවා.

ඇෆ්ගන් සරණාගතයින් විශාලතම සංඛ්‍යාවක් සිටින රට වන්නේ පකිස්තානය වන අතර එම සංඛ්‍යාව මිලියන 1 යි දශම 5 ක් පමණ වන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් සදහා වන මහ කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ.